වැස්ස නිසා කොළඹ හිරවෙයි

0
1

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ පාරවල් කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ප්‍රදේශ රැසකට අද (17) පස්වරු කාලය තුල ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් මෙම තත්ත්වය අපේක්ෂා කරන බවය.

මේ අතර, ඉහත ප්‍රදේශවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here