වැස්ස අඩුවක් නැහැ – වෙරළ ආශ්‍රීත ජනතාවට දැනුම් දීමක් !

0
1

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනයේ සිට වැඩිවීමට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම , ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ නිව්දනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ,
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවය . එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) වන දින ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙන බවද එම නිවේදනයේ දක්වා තිබේ . මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන , ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි

වැසි තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ

සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here