වැස්සෙන් නවසීලන්තය පරාජයේ තරම අඩු කර ගන්න සමත් වෙයි

0
5

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 09, කොළඹ LNW:

භාවිතය නවතා දමා ඇති බවට විවිධ දුශ්ප්‍රචාරන සහ දුර්මත විසිරෙන හම්බන්තොට ක්‍රීඩාංගණයට නවසීලන්ත ඒ කණ්ඩායමේ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණේ පළමු තරගයේ ජයග්‍රහණයද සහිතවයි.මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ කාසියේ වාසිය ද සමඟයි.එම තීරණය ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හෝ මේ තරගයේ ජයග්‍රහණයට හේත් වූ බව කිව යුතුයි.ජයග්‍රහණයේ පරතරය ලකුණු 44 ක් ලෙස සටහන් වූ අතර පන්දු ඕවර් 28 ක් නිමාවේ නවසීලන්තය ලබා සිටියේ කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අත දිග හැර පහර දී උපයා ගත් ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 9 ක් දැවි ලකුණු 368 ක් වුණා.දක්ෂ පිතිකරුවෙකු ලෙස අවිවාදිත ලසිත් කෘෂ්පුල්ලේ ජාත්‍යන්තර ඉදිරියේ වඩාත් සාර්ථක වූ මොහොත හම්බන්තොටදී ප්‍රදර්ශනය කරමින් පන්දු 76 දී ලකුණු 103 ක් රැස් කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 13ක් සමඟින්,හයේ සහ හතරේ පහරවලින්ම ලකුණු 86 ක් උපයා ගනිමින්.ඊට අමතරව නායකත්වයේ ඉණිමක් දියත් කළ සහන් ආරච්චිගේ ලැබෙන හැම අවස්ථාවකදීම මෙන් විශ්වාසය සුරකින පුරුද්ද ඉටු කරමින් පන්දු 68 දී ලකුණු 74 ක් රැස් කරන්නට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉණිමේ අවසාන භාගය යළි වෙඩි සැණකෙළියක් කළ සොනාල් දිනූෂ පන්දු 77 දී ලකුණු 93 ක් ලබමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 368 දක්වා ඔසවා තබන්නට විශාල වෙහෙසක් දැරුවා.

ටිම් ප්‍රින්ගල් නවසීලන්ත පන්දු යවන්නන් විසින් ලකුණු 58 ට කඩුලු 3 ක් දවා ගත්තත්,ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගය පුරාම සිය අණසක පැතිර වූ ආකාරය කැපී පෙණුනා.ප්‍රින්ගල් පන්දු ඕවර් 7 ක් පමණක් යැවූ අතර නවසීලන්තය අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක් සේ සැළකෙන අභිත්‍ය අශොක් පමණක් පන්දු ඕවර් 10 යැවීයඔහු ලකුණු 60 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.

නවසීලන්ත මුල් පිතිකරුවන් තිදෙනාම ලංකාවට නරක අත්දැකීමක් එකතු කරන්නට උත්සාහ කරන බව දැණින.ශ්‍රී ලංකාවේ මුල් පන්දු යවන්නන් තිදෙනාගෙන් ද ඊට ලැබුණේ සහයක්ය.ජයගැනීම සිහිනයක් විය හැකිව තිබුණු තත්ත්වය දඟ පන්දු යැවීම සඳහා වනුජ සහන් සහ පිත්තෙන් ද දස්කම් දැක් වූ සොනාල් දිනූෂ කැදවීමත් සමඟ වෙනස් විය.වනුජ කඩුලු ලබා නොගත්ත ද පන්දු ඕවර් පහටම දුන්නේ ලකුණු 16 ක් ය.සොනාල් දිනූෂ දුන් දායකත්වය පන්දු ඕවර් 7 ට ලකුණු 24 ක් ය.

ලකුණු 368 ක් පසුපස ඉක්මවා යන අදහසින් ක්‍රියාත්මක වූ නවසීලන්තයට වනුජ ගේ සහ සොනාලගේ පන්දු ඕවර් 12 තුළදීම ලබා ගන්නට හැකි වූයේ ලකුණු 40 කි.ලකුණු 368 ක් හඹා යාමේදි එය ප්‍රමානවත් නොවීය.නවසීලන්තය වෙනුවෙන් කර්ටිස් හෙපී නොදැවී දියත් කළ ඉණිමට වටිනා එකක් විය.ඔහු පන්දු 62 ට මුහුණ දී නොදැවී ලකුණු 53 ක් ලබා ගත්තේය.ඩෙලේ පිලිප්ස් (34) සහ ටිම් රොබින්සන් (27) ද මෙයට දායක වුව ද පන්දු යවන්නන්ගේ අභියෝගය ඉදිරියේ ක්‍රමයෙන් නවසීලන්ත බලාපොරොත්තු හැකිළිණි.

ඒ පන්දු යවන්නන් අතරින් අතරින් තවමත් ලාබාල වනුජ පළමු තරගයේදී ද නවසීලන්තය සුන් කර දැමූ පන්දු යවන්නා වූ අතර ඉතා නිවැරදි මඟක පියවරින් පියවර ලැබෙන හැම අවස්ථාවකම දක්ෂතා අතරට එමින් සිටින්නෙකි.

සියළුම තරග දත්ත සාරංශ කර ලබා ගැනීමට පහත සබඳතාවය භාවිතා කරන්න.
https://bit.ly/4eaJObO

The post වැස්සෙන් නවසීලන්තය පරාජයේ තරම අඩු කර ගන්න සමත් වෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here