වැස්සත් එක්ක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉරණම…?

0
2

facebook sharing button
sharethis sharing button

නිශ්මං රණසිංහ පෙබරවාරි 22, කොළඹ LNW:

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයේ ශ්‍රී ලංකාව අයත් කාණ්ඩයේ පළමු තරගය ඊයේ නිමාවට පත් වුණේ තීරණයක් නොමැතිවයි.ඒ පකිස්තානය සහ නවසීලන්තය අතර තරගයයි.අද පල්ලෙකැලේ තරගයට ද යම් බාධාවක් ඇති වීමට ඉඩ ඇත.කාලගුණ වාර්තාවලින් වැසි ගැන මෙන්ම තද නොවුණු සුළං තත්ත්වයක් ගැන ද පෙන්වා දී ඇත.ගිගිරුම් සහිත වැසි සහ ඒවායෙන් වන අකුණු කෙටීම්වලින් වළකින්නට අවශ්‍යය උපදෙස් පිළිපඳින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත. ඒ නිසා අද පස්වරු 3.00 ට පල්ලෙකැලේ පැවත්වෙන්නට තිබෙන තරගය ගැන යම් විශ්වාසයක් ඇති කර ගන්නට හැක්කේ යම් ඉඟියක් රාත්‍රියට වඩා දහවල් කාලය හොඳයි යන්නට කාලගුණ වාර්තාවල දකින්නට තිබෙන බැවින්ය.

වර්ෂාව දිගින් දිගටම පැවතීම තුළ යම් තරගයක් පවත්වා පරාජය වන කණ්ඩායමකට වන අවාසිය වැඩිය.තීරණයක් නොපැමිණියහොත් එවැනි කණ්ඩායමකට අක්වන වාසියක් ද අවාසියක් ද ඇත.ජයග්‍රහණ එකක් සහ පරාජ එකක් වන කණ්ඩායමක් සහ ජය පරාජ එකක්වත් නැතුව ජය පරාජයෙන් තොර තරග තුනක් නිමවා ඇති කණ්ඩායමකට ලැබෙන තරගයකින් ලැබෙන ලකුණු වැඩිය.යම් ආකාරයකට තීරණයක් රහිතව ලකුණු ලබන කණ්ඩායමක් සහ තීරණ අනුව ලකුණු ලබන කණ්ඩායමක් අතර ලකුණු සම තත්ත්වයකදී ලකුණු ලැබීමේ වේගය මත තීරණයක් සහිත කණ්ඩායමකට ලැබෙන වාසියක් ඇත.

එහෙත් මේ හදිසි කාලගුණික වෙනස නිසා ඇතැම් ආකාරයකට මේ සුපිරි අට වටයේ තරග නොපවත්වා ලකුණු දීමට සිඳු වුවහොත් කණ්ඩායමක් මුල් වටයේදී ලබා ඇති ලකුණු වේගය සළකා බලන්නේ ද යන්න ගැන පැහැදිළිතාවයක් නැත.එසේ වුවහොත් ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමේ වේගයෙන් පෙරමුණේ පසු වෙයි.

ශ්‍රී ලංකාවට ආරක්ෂාව සම්බන්ධයෙන් වන විශ්වාසය සමඟ මිත්‍රශීලීත්වය සම්බන්ධයෙන් වන සහතිකයක් ද මේ වන විට ලැබී ඇත.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් ගොඩ නඟාගෙන තිබෙන විශ්වාසය ද අනුව කළාපීය රටවල් අතර ශ්‍රී ලංකාව තිබෙන්නේ තරග පැවත්වීමට සුදුසුම බිමක් හැටියටය.සමහර විට ශ්‍රී ලංකාව සහභාගි නොවන පකිස්තානය සහ ඉන්දියාව අතර නැවත තරගාවලි සම්බන්ධයෙන් කෙරෙන සළකා බැලීම් ගැන කතා බහක් ද ඇති වී තිබෙන තත්ත්වයක තරග පැවත්වෙන බිම ශ්‍රී ලංකාව කර ගැනිමේ ඉඩක් ද පවතියි.එසේම බංගලාදේශය සහ ඉන්දිය විරසකය නිසා ඉන්දියාව කෙතරම් බලගතු වුව ද,තමන්ගේ රටට කණ්ඩායම් ගෙන්වා ගැනීමේ විශ්වාසයෙන් ඔවුන්ගේ දේශපාලනය දුරස් වී තිබීම නිසා ක්‍රීඩාවක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාව යම් ආකාරයකින් හැකිළෙමින් ඇත.

ඉදිරියේදී ජේ ෂා සභාපති අසුනේ සිටිය ද,වඩා විශ්වසනීය තරග බිම හැටියට ඉන්දියාවට නැති අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන මොහොතක නිරන්තරයෙන් කාලගුණික තර්ජනවලට මුහුණ දෙන්නට සිඳු වි තිබීම කණගාටුදායක තත්ත්වයකි.තරග පැවත්වීමට සුදුසු තත්ත්වයක් කාලගුණය විසින් සීමා කරන්නේනම් එය නොවැළක්විය හැකි බාධාවකි.ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ දී තාවකාලිකව මුහුණ දෙන්නට වී තිබෙන මේ කාලගුණ තර්ජනය ඉක්මණින් නිමා වි ශ්‍රී ලංකාවටත්,එම කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම්වලටත් ක්‍රිඩා කිරිමට ලැබෙන ඉඩ වැදගත්ය.විශේෂයෙන් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට වැදගත් ජයකි.

බීබීසි ය පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ පුරෝකතනයන්ට අනුව මේ තත්ත්වය 24 වන දා සිට යහපත් විය හැකිය.එසේ වුවහොත් තරගාවලියට සිඳුවන හානිය අවම කර ගැනීමට හැකි වනු ඇත.කෙසේ වුවත් ස්වභාව ධර්මය සමඟ ශ්‍රී ලංකාවේ ගනුදෙනුව ද වඩාත් යහපත් තැනකට ගෙන ඒමෙන් යම්කිසි ආකාරයකට ස්වභාවිකව සිඳු විය හැකි විපත් අවම කර ගැනීමට හැකි බව ද ක්‍රිකට්වලට එහා ගිය රාජ්‍යයේ පාලනය තුළ විශාල වශයෙන් කල්පනා කළ යුතුව ඇත.
කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවට වෙනදාට වඩා අනපේක්ෂිතව එන කාලගුණ ගැටළුවලින් පීඩා විඳන්න සිඳුවිම ගැන ක්‍රිකට්මය නොවන විමසා බැලිමක් අවශ්‍යය වෙනවා.රටට සඟ සමුළුවවලට වඩා කාලගුණ සමුළු වැදගත් වන තැනකට රට පිවිසෙමින් සිටිනවා.

The post වැස්සත් එක්ක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉරණම…? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here