වැලිමඩ බස්රථ අනතුරෙන් පුද්ගලයෙකු මරුට – 18කට තුවාල

0
2


වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. 

එම අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් මගීන් 18කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

ඔවුන් මිරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට මාරු කර යැවූ බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here