වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ බස් අනතුරක්, අයෙක් මරුට (ඡායාරූප)

0
3


වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ ඩයරබා ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්ව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බණ්ඩාරවෙල දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ පුද්ගලික මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 18 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා වැලිමඩ සහ දියතලාව රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස වැලිමඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 56ක හද්දවුල, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

496297186 4971345939757144 403424881566801530 n 1
495751948 4971346623090409 1302472361763554394 n
495707577 4971345949757143 952776480018527440 n



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here