වැලිමඩවත්ත නව නිවාස ව්‍යාපෘතිය ඇමති සමන්තගේ නිරීක්ෂණයට

0
21


උතුරේ දේශපාලනඥයින් මෙතෙක් කල් කටයුතු කළේ තම සුඛ විහරණය සඳහා පමණක් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ජනතාව වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වී නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වැලිමඩවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

ඉන්දීය ආධාර යටතේ නිවාස 30කින් යුත් මෙම ව්‍යාපෘතියේ එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 28ක්.

මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස හිමිකම් ලබාදීම දේශපාලනමය වශයෙන් සිදුව ඇති බවට ජනතාව සිදුකරන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයට එක්වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here