වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඒ අතරින් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6දෙනෙක් මේ වනවිටත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසු වේ.
මීට අමතරව වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදා ගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කර දුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක්ද වැලිගම සහ මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් අතරින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු, ඇතුළු සැකකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණි.
අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා හිමිව තිබේ.
එමෙන්ම වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සහ ආධාර අනුබල දුන් මාතර දී හා ගාල්ලේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාද ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී වැලිගම මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඒ සදහා අවසර ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකරුවන් තිදෙනා පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නේය.
ඒ අනුව සැකකරුවන් තිදෙනා යළි වැලිගම මූලස්ථාන පොලීසිය වෙත යලි රැගෙන ආ බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.
Saru FM Media










