වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (27දා) වැලිගම මූලස්ථාන පොලීසියට අවසර ලබා දී ඇත.
එසේ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රී රෝද රථ රියදුරෙකු, වැලිගම වලාන ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවෙකු හා අපරාධයට යොදාගත් යතුරුපැදිය ගෙනවිත් දුන් පොල්අතුමෝදර පදිංචි තරුණයෙකි.
Saru FM Media







