වැලිගම පෞද්ගලික ඇඟලුම් හලක ගින්නක්

0
4


වැලිගම – උඩුකාව ප්‍රදේශයේ ‘වොග් ටෙක්ස්’ නමැති ඇඟලුම් කර්මාන්තශාලාවේ අද (23) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, එම ගින්නෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ එක් කොටසකට විශාල අලාභ හානි සිදු ව ඇති බවයි.

කඩිනමින් ක්‍රියාත්මක වූ මාතර නගර සභාවේ ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරුණා.

ගින්නෙන් ජීවිත හානි සිදු ව නැති අතර ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන පවත්වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here