වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ තිදෙනෙක් අත්අඩංගුවට

0
1

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ . කැකිරාව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .

මුල්‍ය අපරාධ කොට්ඨාශයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු කැකිරාවේ , නිවාස 50 ප්‍රදේශයේ අදාළ සැකකරුවන් සැඟව සිටින බවට ලද තොරතුර මත
පොලිස් විශේෂ කාර්ස බලකා නිලධාරීන් , යුද හමුදා නිලධාරීන් සමග එක්ව කල මෙහෙයුමකින් අද ( 26 ) අලුයම් කාලයේ මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ .
එම මෙහෙයුමේදී නිලධාරීන් සහ සැකකරුවන් අතර පොර බැදීමක්ද සිදුව තිබේ .එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ .

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් එක යතුරු පැදියක් සහ ලක්ෂ 12 අධික මුදල් මෙන්ම , හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොදාගන්නා උපකරණ ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබේ .
එම සැකකරුවන්ට පහසුකම් සලසන ලද තවත් සැකකරුවෙකු , පොර බදින අවස්ථාවේ පළා ගොස් තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here