වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

0
1

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ සැලසුම් සහගත මෙහෙයුමකින් විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ . කැකිරාව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .

එම මෙහෙයුම අතරවාරයේ නිලධාරීන් සහ සැකකරුවන් අතර සිදුවූ පොර බැදීමේදී පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි .

එම සැකකරු ඝාතන සිද්ධියට සැකකරන අය සඳහා පහසුකම් සලසන ලද පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .

අදාළ සැකකරු , කොන්තපෙන , බැඳීපිට , අඟුළුගම පදිංචිකරුවෙකි .
හක්මන පරනලියනගේ නුවන් තාරක යන සැකකරු උස අඩි 05 යි අඟල් 06 ක් පමණ වූ , පුද්ගලයෙකි .
සැකකරුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ANURADA යනුවෙන්ද , වම් අතේ ” හිතු මතේ ජීවිතේ ” ලෙස ද පච්චා කෙටු සලකුණු ඇත .

සැකකරුගේ ජයාරූප පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් නිකුත් කර ඇති අතර , අවශ්‍ය තොරතුරු දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක්ද ලබා දී තිබේ .

ඒ අනුව ,

පොලිස්පතිට කියන්න ( WHATSAPP ) – 071859 8888
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය – 011 233 7162 / 071859 2087

ඒ සඳහා භාවිත කල හැකිය .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here