වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාම : OIC ඉවත් කිරීමට නිර්දේශ. තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් !

0
11


වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද සැකකරුවකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

එමෙන්ම මෙම සිද්ධියේදී රාජකාරි පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here