වැලිකඩදී කාන්තාවක් ජීවිතක්‍ෂයට පත් කර පලාගිය ලොරි රථ රියදුරෙකු සොයා විමර්ශන

0
8


වැලිකඩ, කොටා මාර්ගයේ රාජගිරිය බස් නැවතුම්පළ අසලදී රිය අනතුරක් සිදු කර පලාගිය ලොරි රථ රියදුරෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වූ එම ලොරි රථය පදික මාරුව මතින් ගමන් කළ කාන්තාවකගේ ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

ඇය රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකාරියක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here