වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි පීඩාවට!

0
2


රෂිකා හෙන්නායක මැයි 17, කොළඹ LNW :

මේ වන විට, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් ඔවුන් එලෙස වැඩ වර්ජනයක නිරත වුවද අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 60ක් පමණ ක්‍රියාත්මක වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එහෙත්, තමන් ආරම්භ කළ වැඩ වර්ජනය සාර්ථක බව, වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේය. එම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන්ද පීඩාවට පත් වුනු අතර,  දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරු 106ක් ද එම පුරප්පාඩු පිරවීම සඳහා ඇතුළත් වන බව පැවසේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here