වැඩ පහසුවෙන්න කාලය කළමණාකරණය කරමු

0
10


ගෙදරදොරෙ වැඩ කටයුතු පහසු කර ගන්න වගේම කාලය ඉතිරි කරගන්නත් හැකියාවක් ලැබෙනවා නම් ඒක පහසුවක්. විශේෂයෙන් කාර්ය බහුල ජීවිතයක් ගෙවන ගෘහනියකට කාලය ඉතිරිකර ගැනීම හරිම වැදගත්. මේ විදහට වැඩ කලොත් කාලය ඉතිරි කරගන්න හැකියාවක් ලැබේවි.

දරුවන්ගේ වැඩ වලට කාල සටහනක් හදලා දෙන්න. ඔවුන්ට ඒ කාල සටහනට වැඩ කරන්න පුරුදු කරන්න. පසුව ඔවුන් ඒ කාල සටහනට වැඩ කරනවද කියන දේ අධීක්ෂණය කරන්න.

ඒ වගේම එදිනෙදා ආහාර වේල් වලට අවශ්‍ය දේවල් වෙන් කරලා පිරිසිදු කරලා වෙන් වෙන් වශයෙන් ශීතකරණයේ අසුරලා තිබ්බොත් උයන පිහන වේලාවට ඒක පහසුවක් වේවි. ඒ වගේම තමයි ධාන්‍ය වර්ග වගේ දේවලුත් වෙන් වෙන් වශයෙන් අසුරා පිළිවෙලකට තිබ්බොත් ඒකත් පහසුවක් වගේම උයන වේලාවට කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.

ගෙදරදී නිතරම අවශ්‍යවන එහෙත් නිතරම හොයලා වෙහෙස වෙන්න වෙන දේවල් එකම භජනයකට දමලා පහසුවෙන් පෙනෙන ස්ථානයක තියන්න. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ඉක්මනින් පහසුවෙන් සොයා ගන්න පුළුවන් වේවී.

දරුවන්ට ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩ සෙල්ලම් කලාට පස්සේ පිළිවෙලට අසුරලා තියන්න පුරුදු කරන්න. උදෑසනට හොයලා වෙහෙස වෙන්නේ නැතිව යට ඇඳුම් මේස් වෙනම අසුරලා තියන්න. එවිට එදිනෙදා වැඩ කටයුතු පීඩනයක් නැතිව කර ගන්න පුළුවන් වේවි.

– එරන්දතී –

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here