වැඩි වියදමකින් තොරව සුන්දර මනාලියක් ලෙස සැරසෙන්නේ මෙහෙමයි

0
17


විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක් නේ. ඉතින් ඒ දවසට ඔබ අඳින පළඳින විදිය අනුව දවස විශේෂ වෙනවා. අපිට ආවාට ගියාට මනාලියක් ලෙස සැරසෙන්න බැහැ.. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදියට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ.ඉතිං අද අපි හිතුවා අඩු බජට් එකකින් ඉතා ලස්සන මනාලියක් ලෙස සරසෙන ආකාරය ගැන ඔබට කියන්න .

මනාලිය අනිවාර්යෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා මිලෙන් අධික සාරියක් තෝරාගත යුතුය කියලා නියමයක් නැහැ. මංගල සාරි විවිද මිල ගණන් යටතේ විවිධ වර්ගවලින් අද වෙළඳපොළේ මිලට ගන්න තියනවා. ඔබේ කැමැත්තට අනුව ඔබට වියදම් කළ හැකි ආකාරයට මංගල සාරිය තෝරා ගැනීම නුවණට හුරුයි.ඒ අනුව මංගල සාරිය අඩු බජට් එකකින් කර ගැනීමට ඔබ දැනගෙනම සිටිය යුතු ටිප්ස් කිහිපයක් පහතින්, ඒ සදහා,

ඔබේ සිහින මංගල සාරිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගෙන තමන්ට අවශ්‍ය ආකාරයෙන් එය නිම කර ගන්න. වැඩ දැමූ මංගල සාරියක් මිලදී ගන්නවාට වඩා සාමාන්‍ය සාරියක් මිලදී ගෙන එය සකස් කර ගැනීම හරහා අනවශ්‍ය ලෙස මුදල් නාස්තිය අවම කර ගන්න ඔබට පුළුවන්.

සමහර අය තම මංගල සාරිය සඳහා විශාල මෝස්තර එක් කර ගන්නවා. ඒවා සිදු කිරීමට යාමේදී මුදල් විශාල වශයෙන් වැය වනවා. විශාල මෝස්තර දැමීම තුළින් ඔබේ සුන්දරත්වය නැති කරන්න වුණත් පුළුවන්.එයට හේතුව වන්නේ ඔබේ සාරිය අනවශ්‍ය ලෙස ඉස්මතුවී පෙනීම නිසා ඔබට ලැබිය යුතු අවදානය අඩු වනවා.

ඔබ සැරසෙන්නේ උඩරට ක්‍රමයට ද බටහිර ක්‍රමයටද කියලා මුලින්ම තීරණය කරන්න ඕන.උඩරට ක්‍රමයට ඔබ අඳිනවා නම් ඔබ ඔසරිය ඇඳිය යුතුයි.ඔබට ඔසරිය ඇඳීමට අපහසුයි වගේ නම් මුලින්ම ඔසරිය කපා මසාගන්න.ඔබ අඳින්නේ පහතරට ක්‍රමයට නම් සාරිය තමයි අඳින්න ඕන. හැබැයි සාරිය ආවාට ගියාට තෝරාගන්න බැහැ. සමහර සාරි තියනවා ඒවායින් අඳින්න පුළුවන් ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරා ගැනීමේදී අනිවාර්යෙන්ම මේ දේවල් ගැන හිතන්න ඕන.එමගින් ඔබේ මුදල් නිකරුණේ නාස්ති වීම අවම වේවි.

වර්තමානය වන විට බොහොමයක් යුවතියන් සරලව තම මංගල දිනයේ සැරසෙන්න දක්වන උවමනාව ඉතාම වැඩියි.ඒ නිසාම සංකීර්ණ විලාසිතාවන්ට නොයා සරලව තම වෙඩින් සාරිය කර ගැනීමට යොමු වෙලා සිටිනවා.ඉතාම චාම් සාරියක් තමන්ගේ විශේෂිතම දිනයේ ඇඳීම හරහා ඔබට නව පෙනුමක් මෙන්ම ඔබේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති වීමද අවම වනවා.

ඔබ මංගල සාරිය සරලව නිම කිරීමට වග බලා ගන්නවාක් මෙන් ඔබ එදිනට පළඳින ආභරණ ද සරලව පැළඳීම ඉතාම වැදගත් කරුණක්.ඒ අනුව ඔබට ඉතාම චාම් සරල ආභරණ වෙත යොමු වන්න පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here