වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳසල් 1350 කට නඩු

0
2

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසල් 135 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය මාසයක පමණ කාලයකදී දිවයින පුරා සිදුකරන ලද වැටලීම්වලදී මෙම නඩු පැවරීම් සිදුකළ බවද එම අධිකාරිය කියයි.

සහල් වැඩි මිලට අලෙවි කරන සහ සහල් සඟවා තබාගෙන සිටින වෙළෙඳුන්ට එරෙහිව තවදුරටත් වැටලීම් සිදුකරන බවද එම අධිකාරිය පවසයි.

වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගල ව්‍යාපාරිකයකු වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිර දඬුවමක් ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමට ද හැකියාවක් ඇති බවත් එම අධිකාරිය කියයි.

එමෙන්ම, පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධව වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිරදඬුවමක් හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට ද අධිකාරි පනත යටතේ හැකියාවක් ඇති බවද එම අධිකාරිය පවසයි.

මේ අතර වර්තමානය වනවිට වෙළෙඳපොළ තුළ කීරි සම්බා හිඟය තවදුරටත් පවතින බවද වෙළෙන්දෝ පවසති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here