වැඩි මිලට බෙහෙත් විකිණූ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂ මඩුල්ල අධිකරණයට – Saru News | සිංහල

0
8

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා අද (22) නියෝග කර තිබේ.

විත්තිකාර පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහි චෝදනා පත්‍ර බාරදීමට මීට පෙර අවස්ථාවක අධිකරණය සුදානම් වු අවස්ථාවේදී මෙම නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මෙම අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මුලික විරෝධතාවයන් ඉදිරිපත් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත් මෙම චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට මෙලෙස නියෝග කර ඇත.

එලෙස අධිකරණයට කැඳවන ලද්දේ අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න, ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී. අන්තූර් නාන්ද් තදානි සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් කිසිවකුත් අධිකරණයේ පෙනී සිට නැති අතර පෞද්ගලික රෝහලේ නියෝජිතවරයකු සහ රෝහල් සේවිකාවක වන බී.ඩී. සඳතිසරු පමණක් අධිකරණයේ පෙනී සිට ඇත.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල යන අය සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here