වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට නම් ව්‍යායාමයක් ලෙස ඇවිදීම කල යුතු ක්‍රමය

0
11


ඇවිදීම යනු බර අඩු කරගන්න උත්සාහ කරන ඔබට ඉතා හොඳ මෙන්ම පහසු ව්‍යායාමයක්.ඔබ ඇවිදින ආකාරය අනුව එනම්, ඔබේ වේගය ,දුර හෝ කාල සීමාව අනුව ඔබේ සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණය වෙනස් වෙනවා.අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට නම් ව්‍යායාමයක් ලෙස ඇවිදිය යුතු ආකාරයයි.

ඇවිදීමේ වේගය

ඇවිදීම ආරම්භ කිරීමේදිම ඉතා වේගයෙන් ඇවිද යාම ඔබේ ශරීර සෞඛ්‍යයට එතරම් සුදුසු නොවන අතර ඔබ බලාපොරොත්තු බලාපොරොත්තු වන ප්‍රයෝජන ලබා ගැනීමටද නොහැකි වනවා.පලවන විනාඩි 10 දී සාමාන්‍ය වේගයකින් ඇවිද ඔබේ ශරීරය උණුසුම් කර ගැනීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කල හැකිය.ඇවිදීම අවසන් කරන විනාඩි 10 දී නැවත ශරීරය සිසිල් කර ගැනීමට ද එම සාමාන්‍ය වේගයෙන් ඇවිදීම සහ අත් පා ලිහිල් කිරීම ඔබට කල හැකිය.

කඳු හෝ අසමාන භූමි ප්‍රදේශ

ව්‍යායාම මංතීරු වල හෝ පිට්ටනියක වැනි ස්ථානවල ඇවිදීමට වඩා කඳු සහිත අසමාන මතුපිටක් මත ඇවිදීම වඩා අභියෝගාත්මක දෙයක්.ඒ සඳහා ඔබට වැඩිපුර ශක්තිය යෙදවීමට සිදු වුණත් එහිදී ඔබේ මාංශ පේශීන් දැඩි ලෙස ක්‍රියා කරමින් කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරනවා.ඒ වගේම සාමාන්‍ය මාර්ගයකින් පිටත ඇවිදින නිසා ඒ සඳහා සුදුසු සහ ආරක්ෂාකාරී සපත්තු පැළඳීමටත් ඔබ අමතක කරන්න එපා.

හොඳ ඉරියව්

හොඳ ඉරියව්වකින් ඇවිදීම යනු ඔබේ පිටුපස සහ තට්ටම් වල මාංශ පේශීන් වඩාත් ප්‍රබල ලෙස ක්‍රියා කරවීමයි.එම නිසා ඔබට වේගයෙන් ඇවිදීමට සහ වේගයෙන් කැලරි දහනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.ඔබේ උරහිස් සහ හිස කෙලින් තබාගෙන ඉදිරිය බලාගෙන නිවැරදි ඉරියව්වෙන් ඇවිදීමටත් වගබලා ගන්න.

දිගු ගමනක්

වේගයෙන් ඇවිදීමට හොඳම ක්‍රමය නම් කුඩා සහ වේගවත් පියවර තැබීමයි.එය වඩාත් කාර්යක්ෂම සහ පහසු වන අතර ඔබේ මාංශ පේශීන් වලට ඇති විය හැකි ආතතිය අවම කරනවා.ඇවිදින අතර අතරතුර යම් දුරකදී ඔබේ දෙපා වෙනස් ආකාරයකින් චලනය කර මාංශපේශී ලිහිල් කිරීමටත් වගබලා ගත යුතුය.ඒ වගේම ඕනෑවට වඩා වේගවත් වීම ද එතරම් සුදුසු නැත.

ඉලක්කයක් තබාගන්න

සෑම සතියක දීම අවම වශයෙන් විනාඩි 150ක කාලයක්වත් ඇවිදීමට ඔබ ඉලක්ක කළ යුතුය.එම විනාඩි 150 දවසක් ඇර දවසක් හෝ සතියේ දවස් හතෙන් දවස් හතරක දී හෝ ඔබට සම්පූර්ණ කළ හැකිය.

සංගීතයට සවන් දෙන්න

ඔබ ඇවිදින විට සංගීතයට සවන් දෙනවා නම් ඔබව උද්‍යෝගයට පත් කළ හැකි ගීත හෝ සංගීත ඛණ්ඩ තෝරාගන්න.එමඟින් ඔබේ වේගය අඩාල වීම වලක්වන අතර ඔබේ ශරීරයේ කැලරි වේගයෙන් දහනය වීමද සිදු වෙනවා.

මේ පියවරයන් අනුගමනය කිරීමෙන් ව්‍යායාමයක් ලෙස ඇවිදීමේදි වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ඔබට පුළුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here