වැඩි අඩු නැතිව ගන්න විටමින්..

0
12


විටමින් කියන්නෙ බොහෝ දෙනෙක් නැතුවම බැරි බව සිතන දෙයක්.මේ නිසා බොහෝ  දෙනෙක් පිටතින් විටමින් ලබාගන්න ට පෙලඹෙනවා.ඉතින් ඒ නිසා මේ තොරතුරු විටමින් ගැනයි.

විටමින් ප්‍රභේද කිහිපයක් තිබෙනවා .
විටමින් වර්ග වශයෙන් ගත්තොත් ඒ  බී සී ඩී සකේ පී වශයෙන් තියෙනවා ඒ වගේම විටමින්  බී කාණ්ඩයේ විටමින් වර්ග කිහිපයක්ම තියෙනවා . අප ගන්නා ආහාර මඟින් ශරීරයට එකතුවන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදය ආදී සංඝටකවලට අමතරව විටමින් අපට අවශ්‍ය වෙනවා.

ඒ වගේම විටමින් කාණ්ඩ දෙකකට බෙදා දක්වන්නට පුළුවන් . ඒ එය ජලයේ දිය වන  සහ  මේදයේ දියවන විටමින් ලෙස.විටමින්  ඒ ඩී ඊ සහ කේ මේදයේ දියවන විටමින් වන අතර ඉතිරි විටමින් කාණ්ඩ ජලයේ  දියවනවා.  විටමින් බී කාණ්ඩයේ විටමින් සියල්ලම ජලයේ දිය වෙනවා .

විටමින් මගින් ශරීරයේ කැල්සියම්  සමතුලිතතාවය පවත්වා ගැනීමට වගේම රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා .

විටමින් ප්‍රධාන ශක්ති ජනක ප්‍රභවයක් නොවුනත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට වගේම ශරීරයේ කෙරෙන යම් යම් කාර්යන් සඳහා වැදගත්.

විටමින් කියන දේ අපි ශරීරය තුළ නිපදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශරීරයට අවශ්‍ය විටමින් අප ගන්නා ආහාර මඟින් ලබා ගන්නට සිදු වෙනවා. ඒ අනුව සත්ව ආහාර ඇතුළුවූ සමබර ආහාර වේලක් ලබා ගන්නාගන්නා කෙනෙකුට අමතරව විටමින් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.

ඊට අමතරව එක් එක් රෝග නිසා විටමින් අවශෝෂණය වීම අඩු වන අවස්ථා තිබෙනවා . එවිට බාහිරින් විටමින් ලබාගත යුතු වෙනවා .

ඕනෑවට වඩා අමතර විටමින් ලබා ගැනීම සුදුසු නැහැ. මේ වන විට කරන ලද පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා ඒ කාණ්ඩයේ විටමින් වැඩියෙන් ලබා ගැනීමෙන් යම් යම් අතුරු ආබාධ එන්නට හැකියාව තිබෙන බව.

මස් මාංශ භාවිතයෙන් තොර අයට විටමින් b වර්ගයේ විටමින් කාණ්ඩවලට අයත් විටමින් වර්ග අමතරව ලබා ගන්නට සිදුවන අවස්ථා තිබෙනවා .සත්ව මාංශ සහ බිත්තර හොඳ විටමින් ප්‍රභවයන් ලෙස සලකන්න පුළුවන් .

විටමින් ඌනතාවය සාමාන්‍ය පුද්ගලයකුට හඳුනාගැනීම හරිම හඳුනා ගැනීම හරිම අපහසුයි
රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් නිසා ඉතා හොඳින් පරීක්ෂා කරන්නට සිදු වෙනවා.

විටමින් බී ඌණතාව ඇති කෙනෙක් ශරීරයේ ලේ අඩුකම නිසා පීඩා විඳින්නට පුළුවන්.
ඒ බව අපිට දැනෙන්නේ අධික මහන්සි වැඩි දුරක් ඇවිදීමේදී හුස්ම ගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණ විදියටයි.

ඉතින් ඔබගේ එදිනෙදා ආහාර සමබර ලෙස ගැනීමෙන් මේ සියලු අවහිරතාවන්ගෙන් මිදීමට හැකියාව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here