වැටුප් වැඩි කිරීම නිසා වතුකරය සතුටින් – ජනපතිට රජයට සෙත් පතා ආශීර්වාද පූජා පවත්වති

0
10

මෙවර අය – වැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය මැදිහත් වී වතු කම්කරුවකුගේ පඩිය 2026 ජනවාරි මස සිට රු.1350 සිට රු.1750 දක්වා වැඩි කිරීම නිසා වතුකරයේ රැකියාවල නිරතව සිටින ජනතාව වසර ගණනාවකට පසු ඉතා සතුටින් තම රැකියාවල නිරතව සිටින අයුරු කාටත් දැකිය හැක.

මේ දිනවල වතු කම්කරුවන් ජනාධිපතිවරයාට සහ රජයට සෙත් පතා ආශීර්වාද පූජා පවත්වා කිරිබත් අනුභව කර රැකියාවල නිරතවන ආකාරය නිරන්තරයෙන් දැකගත හැක. මේ පිළිබඳව කරුණු විමසීමේදී හැටන් මේෆීල්ඩ් වතුයායේ පදිංචි සිවා මෙසේ කියා සිටියේය.

“මම අවුරුදු ගාණක් වත්තේ වැඩ කළා. මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. වත්තෙන් ලැබෙන ආදායම මදි නිසා ෆිනෑන්ස් කරලා හයර් දුවන්න ත්‍රීවීල් එකක් ගත්තා. හැබැයි ත්‍රීවීල්වල හයර් යන්න වත්තේ මිනිස්සු අතේ සල්ලි නැහැ. මේ සැරේ අය – වැයෙන් ජනාධිපතිතුමා කොටගලදී පොරොන්දු වූ ආකාරයට වතු කම්කරුවන්ගේ වැටුප රු.450කින් වැඩි කළා. අපට ඉතිහාසයේ කවදාකවත් මේ වගේ වැටුපක් ලැබිලා නෑ. අපට හරි සතුටුයි. අපිට අනාගයක් තියෙනවා කියලා විශ්වාසයක් ඇති වෙලා තfියනවා.

හැටන් ෂැනන් වතුයායේ පදිංචි සින්නා (36) මෙසේ කීය.

“මගේ අම්මයි තාත්තයි, මමයි, මගේ පවුලයි වත්තේ වැඩ කරනවා. අම්මයි තාත්තයි පෙන්ෂන් ගත්තා. පවුල වත්තේ වැඩ කරනවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. වත්තෙන් ලැබෙන පඩිය මදි නිසා අපේ වත්තේ මං වගේ ගොඩක් අය වත්තේ රැකියාවලින් ඉවත් වෙලා කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වෙලා ඉන්නවා. අපි සැප පහසු ජීවිත ගත කරන අය නෙවෙයි. හැබැයි අපිට ජනාධිපතිතුමා වැඩි කරලා දීපු පඩිය දැනට හොඳටම ඇති.

කොළඹ රැකියාවලට ගිය අයත් ආපසු වත්තේ වැඩට එයි කියලා මම විශ්වාස කරනවා. අපිට සහ අපේ දරුවන්ට අනාගතයක් හදලා දීපු රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ රජයට අපේ ස්තූතිය පළ කරනවා.
නුවරඑළිය – නාලක රත්නායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here