ගස් කඩා වැටීමෙන් දොඩන්ගොඩ නිවසකට හානි
ධාරානිපාත වර්ෂාව හා තද සුළං හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක පවුල් 531 කට අයත් පුද්ගලයින් 2175 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඊයේ (26දා) දහවල් කීය.
තද සුළං සමග ගස් කඩා වැටීම නිසා දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවසකට පූර්ණ හානි සිදුවී ඇති බවත් තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක නිවාස 91 කට අර්ධ හානි සිදුවී ඇති බවත් දිසා ලේකම්වරයා කීය.
වැසි සමග දිස්ත්‍රික්කයේ පහත් බිම් හා මාර්ග කීපයක් සුළු වශයෙන් ජලයෙන් යටවී පැවැති අතර ඊයේ (26දා) වැසි තත්ත්වයේ අඩුවීමක් පැවැතීම නිසා ජලය බැස යමින් පැවැති බව ආපදා කළමණාකරණ ඒකකය ප්‍රකාශ කරයි.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ
Saru FM Media











