
මුදල් අමාත්‍යාංශය විසින් වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් නිවේදනය අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති බව වාර්තා වේ.
මෙම නව ප්‍රතිපත්ති සංශෝධන හේතුවෙන් පෙර පැවති නීති රෙගුලාසි නිසා ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිව වරායේ රඳවා තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් දැන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා
මෙම වැදගත් සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”
මීට අමතරව, ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයත් සමඟ ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව දැනගන්නට ලැබෙයි.
මෙම ගැසට් නිවේදනය රටේ වාහන ආනයනකරුවන්ට සහ පාරිභෝගිකයන්ට සැලකිය යුතු සහන සැලසීමක් ලෙස දැකිය හැකි අතර, විශේෂයෙන් හයිබ්‍රිඩ් වාහන ආනයනය සඳහා ඇති බාධා ඉවත් කිරීම තුළින් පරිසර හිතකාමී වාහන ප්‍රවර්ධනය කිරීමට මෙය උපකාරී වනු ඇත.
Saru FM Media