කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Saru News












