වාචික හිංසනයෙන් පීඩාවට පත් දරුවන්

0
14


දරුවන් කියන්නේ මල් වගේ බොහොම මුදු මෙලෙක් ගති පැවැතුම් ඇති අහිංසක පිරිසක්. නමුත් මේ මල් කැකුළුවලටත් අපේ වැඩිහිටියන්ගෙන් සිදු වෙන විවිධ අපයෝජනයන් ගැන කතා කරද්දී මුලටම පැමිණෙන්නේ ශාරිරික සහ ලිංගික අපයෝජනය ගැනයි. ඒ ගැන වැඩි අවධානයක් දැක්වුවත් ඔබේම දරුවා ඔබ විසින්ම වාචික හිංසනයටත්  පත් කරන බැව් සමහර විට ඔබටත් නොතේරෙනවා ඇති.

වාචික හිංසනය කියන්නේ…

වාචික හිංසනයයේදී වැඩිහිටියන්ගෙන් ලැබෙන දරුණු වචන නිසා දරුවන් වඩාත් පීඩාවට පත් වෙන්න පුලුවනි. මේ අන්දමින් දරුවන් වාචික හිංසනය පත් වෙන ස්ථාන ගැන අපට සීමා කරන්න බැහැ.

මෙ වැනි සමාජයේ දරුවන් ගැවසෙන ඕනෑම තැනකදී දරුවන් වාචික හිංසනයට පත් වීමට පුලුවනි.

සමවයස් කණ්ඩායම් අතරදී..

දරුවන්ගේ ඇති ශාරිරික දුර්වලතාවයන්, එහෙම නැත්නම් පවුලේ ඇති පෞද්ගලික ප්‍රශ්න නිසා සමවයස් කණ්ඩායම් අතර ඔබේ දරුවා වාචික හිංසනයට පත් වීමට ඉඩ තිබෙනවා.පවුලේ පියා මත්පැන්වලට හෝ වෙනත් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිව සිටින විට සමවයස් කණ්ඩායම් විසින් ”ඔයාගේ තාත්තා බේබද්දෙක්…යැයි දරුවාට නිග්‍රහ කිරීමට තිබෙන අවස්ථාවන් ගැන අමතක කළ යුතු නැහැ. එය සැබැවින්ම දරුවාගේ වරදක් නොව දෙමව්පියන් විසින් ඔවුන්ගේ හැඩගැසීමේ වරදකි.එමෙන්ම මතට,දුම්පානයට යොමු වීම යනු පාලනය කළ නොහැකි පුරුද්දක්ද නොවන බැවින් පවුලක පියා යනු නිතරම අභිමානයෙන් ජීවත්විය යුතු චරිතයකි.එහෙත් පියාගේ හැසිරීම සමාජ දුරාචාරයන්ට යොමු වී තිබෙනවා නම් ඒ නිසා ඔබේ දරුවා සමවයස් කන්ඩායම් අතර දැඩි පීඩනයකට පත් විය හැකියි.

අසල්වැසියන් අතරදී…

අපි ප්‍රසිද්ධියේ මානව දයාව, දරුවන් ගැන සංවේදීතාවය ගැන කතා බහ කළත් බොහෝ විට දරුවෙක් ඉතා සුලු වරදක් කළ තැනදී පවා ඔවුන්ගේ පවුල් ඉතිහාසයම සම්බන්ධ කර ගෙන දොස් නගන අවස්ථාවන් බොහෝය.ඒ වගේම දරුවන් අතර ඇති වෙන පුංචි පුංචි රණ්ඩුවකදී පවා ඇතැම් වැඩිහිටියන් විසින් කතා කරන්නේ දරුවාගේ පවුල් ඉතිහාසයම එයට සම්බන්ධ කර ගෙනය.ඒත් දරුවෙකුගේ වරදක් ගැන ඔවුන්ට ඉතා හොදින් කරුණු කාරනා පහදා දීම මිස ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ අග මුල සෙවීම කිසිසේත්ම සුදුසු නැත.

පංතිය..

පංතියකදී ඇතැම් ගුරුවරුන්ගෙන් පවා දරුවන් වාචික හිංසනයටපත් වෙන අවස්ථාවන් නැතුවාම නොවේ. පංතියේ පසුගාමී දරුවෙකු, එසේත් නැත්නම් දඩබ්බර දරුවෙකු දෙස ගුරුවරයාගේ පවා ඇත්තේ අප්‍රසාදයකි. බලන්න..ඔයාගේ හැටි..අම්මාට කියන්න ඔය කමිසයට බොත්තමක් අල්ලලා දෙන්න කියලා. ළමයි බලන්න මෙයා දිහා කොච්චර අපිරිසිදුද…?

ඇතැම් විට මේ අන්දමින් දරුවන් ප්‍රසිද්ධියේ අවමානයට පත් කිරීමත් එක්තරා ආකාරයක වාචික හිංසනයක් බැව් අමතක නොකල යුතුය.

මේ සියල්ල ඉවසා සිටියත්…ගෙදරදී සිදු වෙන වාචික හිංසනය නම්..

ඇත්ත..දරුවන්ට වුනත් බාහිර සමාජයෙන් ඇති වෙන අපහාස ,උපහාස මැදිහත් සිතකින් ඉවසා සිටිය හැක.ඊටහේතුව මෙම සමාජය සහ දරුවා අතර ඇත්තේ හදවතින්ම වූ බැදීමක් නොවේ. නමුත් දෙමව්පියන් විසින්ම දරුවන් වාචිකව හිංසනයට පත් කරන අවස්ථාවන් ගැන නම් ඔවුන්ට උපේක්ෂාවෙන් දරා සිටීම අපහසුය.

දෙමව්පියන් විසින් වාචික හිංසනයට පත් කරන අවස්ථාවන්..

දෙමව්පියන් විසින් තමාගේ දරුවන් වාචික හිංසනයටපත් කරන අවස්ථාවන් ඉතා සුලබව ඇත.ඒ වෙනුවෙන් බලපාන දෙමව්පියන්ගේ මානසික ගැටළුත් ඇත.

මෙවැනි අවස්ථාවන්හි දෙමව්පියන් විසින් දරුවන්ට පවසන බස් ඔවුන්ට දරා ගැනීමත් අපහසු විය හැක. සමහර විට මෙතැන දරුවාගේ වරදක් නොව සැමියා සමග ඇති වුන පුංචි හිත් අමනාපයේ ආවේග පිට වෙන්නේ දරුවා පිටින්  විය හැක.එසේත් නැත්නම් දරුවාගේ යම් වරදක් නිසා ඇති වුන කෝපය දෙමව්පියන්ට පාලනය කර ගැනීම අපහසු විමත් සමග මෙවැනි කඩු කිනිසි තුඩු වැනි වචන පිටවීමට ඉඩ තිබේ.

”මගේ බඩට ආව දා ඉදන් වදේ..පවුලට වගතුගකුත් නෑ..එයාගේ දියුනුවකුත් නෑ..මට නම් දැන් ඇති වෙලා..දරුවෝ නොවෙයි,කොහේදෝ හිටිය සිරිකාලකණ්නියෙක්..”

මෙවැනි දරුණු වචනවලින් පුංචි දරුවෙකුගේ හදවතට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැක.වැරැද්දක් වෙනුවෙන් කෝටුවකින් පහරක් දුන් විට එය ටිකවේලාවකින් නැති වුනත් වචනවලින් හිතකට දෙන දරුණු වේදනාව දරුවා සමග වැඩෙන්නට පුලුවන.

එහෙමනම් දරුවන්ට බනින්න දෙමව්පියන්ට අවසර  නැතිද..?

ඔබට කිසිම බාධාවක් නැත. දරුවාගේ වරදට දොස් කීමට පුර්ණ අවසරය ඇතැත් එහිදී යම් යම් සීමාවන් පනවා ගන්න.

මොනවද මේ සීමා

වාචික හිංසනයේ අවාසි..

ඉවක් බවක් නැතුව දරුවන් වාචසික හිංසනයට පත් කිරීම නිසා ඔවුන්ගේ ආත්මාභිමානයට දරුනු ලෙසින් හානි විය හැක. බාලකාලයේ පටන්ම තමා ගැන දෙමව්පියන් විසින් සිදු කරන අවතක්සේරුව නිසා සමාජයට මුහුණ දීමේ හැකියාව පවා අහිමි වී මුලුගැන්වෙන දරුවෙකුගේ චරිතයක් බවට ඔබේ දරුවා අනාගතයේදී පත් විය හැක.

වෛරය

බාලකාලයේදී තමා ගැන නගන ලද අපහායන් නිසා ඔහුගේ හිතේ වැඩිහිටියන් ගැන ඇත්තේ ආදරය නොව වෛරයකි.

මානසික හිස්බව

නිරන්තරවම දරුවාට එල්ල කරන මෙවැනි වාග්ප්‍රහාරයන් නිසා තමාගේ සුරක්ෂිතබවත් ඔහුට ගැටලුවකි. ඒ නිසා මට කවුරුත් ආදරේ නැත..යන මානසික හිස්කමින් දරුවා සදාකාලික පීඩාවට පත් වීමට ඉඩ ඇත.

දුර්වල පෞරෂයක්..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here