ව්‍යායාම නොකර ඔබේ බර පාලනය කරන පහසු ක්‍රම.

0
9


ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම සඳහා ඔබ විවිධ ආහාර පාලන ක්‍රම සහ ව්‍යායාම ක්‍රම අනුගමනය කරනවා ඇති. නමුත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන අයෙකුට නම් මෙවැනි දේවල් අනුගමනය කිරීමට තරමක් අපහසුයි. නමුත් කිසිම ආහාර පාලනයක් හෝ ව්‍යායාමයකින් තොරව බර අඩු කර ගැනීමට විද්‍යාත්මකව ඔප්පු කළ ක්‍රම පිට රටවල බොහෝ දෙනා අනුගමනය කරන බව ඔබ දැන දැනගෙන හිටියේ නැහැ නේද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඒ ගැනයි .

ඔබ වේගයෙන් ආහාර අනුභව කරන කෙනෙක් නම් ඔබේ බර ඉක්මනින් වැඩි වීමට ඇති අවස්ථාව වැඩිය.
නමුත් ඔබ ඔබේ ආහාර වේලෙහි ඇතුළත් දේවල් හොඳින් හපමින් මන්දගාමී වේගයකින් ආහාරයට ගන්නවා නම් ඔබ ආහාර පරිභෝජනය කරන ප්‍රමාණය අඩු වනවා .මෙහිදී යම් කාල සීමාවක් තුලදී ඔබට පරිපූර්ණ හැඟීමක් දැනෙන නිසා ඔබ ආහාර ගැනීම අවසන් කරනවා.

ඔබ රාත්‍රී ආහාරය සඳහා විශේෂිත වූ ආහාරයක් සූදානම් කර ඇත්නම් , ඔබ ආහාර වේලක් සඳහා අවන්හලක් වෙත යනවනම් , එසේත් නැත්නම් සාදයකට සහභාගී වෙනවා නම් ඔබ කැලරි අධික ආහාර වේලක් රස බැලීමට ඇති අවස්ථාව වැඩියි. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී වලදී හැකිතාක් ඔබ ආහාර ගැනීමට කුඩා වර්ගයේ පිඟානක් තෝරාගැනීමට වග බලා ගන්න. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවන්නේ ඔබගේ මොළය රැවටීමක් නමුත් ඔබ කැලරි අධික ආහාර ගැනීමෙන් වළකින නිසා මෙය ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකර දෙයක්

ප්‍රෝටීන් බහුල දේවල් ආහාරයට ගන්නා විට ඔබට ඉක්මනින්ම සම්පූර්ණ හැඟීමක් දැනෙනවා. ඉතා කෙටි කාලයක් තුළදී තුළ දී පරිපූර්ණ හැඟීමක් දැනීමෙන් ඔබ ආහාර ගැනීම නතර කරන නිසා සැලකිය යුතු ලෙස ඔබේ බර වැඩි වීමක් සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදෑසන ආහාරය සඳහා ඔබ ධාන්‍ය වර්ග, පාන් වර්ග හො කෙටි කෑම ගැනීමට පුරුදු වී සිටින කෙනෙක් නම් මෙසේ ප්‍රෝටීන් බහුල ආහාර වේලකට මාරුවීම ඔබට ඉතාම සුදුසු වෙනවා.
මෙහිදී ඔබට බිත්තර ,ග්‍රීක යෝගට් ,කුකුළු මස්, මාලු , යෝගට් සමග ස්ට්‍රෝබෙරි blueberry හෝ මිදි වැනි පලතුරු වර්ග ආහාරයට ගන්නට පුළුවන්

ජලය වැඩිපුර පානය කිරීම මගිනුත් ඔබට දවස පුරා සම්පූර්ණ හැඟීමකින් යුතුව ගත කරන්නට පුළුවන්. එමගින් ඔබ ආහාර ගන්නා ප්‍රමාණය බොහෝ දුරට සීමා කෙරෙනවා .විශේෂයෙන්ම ඔබ ප්‍රධාන ආහාර වේලක් ගැනීමට විනාඩි තිහකට පෙර ජලය ලීටර් භාගයක් පානය කළහොත් ඔබේ කුස පිරී ඔබ ආහාර ගන්නා ප්‍රමාණය බොහෝදුරට අඩු කෙරෙනවා.

එපමනක් නොව ඔබ දවසේ විවිධ අවස්ථාවන්වලදී සීනි සහිත විවිධ පාන වර්ග හෝ කෘතිම බීම වර්ග පානය කිරීම වෙනුවට මෙසේ ජලය පානය කිරීමට හුරු වීම ඇත්ත වශයෙන්ම ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකර වේ

බොහෝ දෙනා බොහෝ වේලාවට ආහාර ගැනීමට හුරු වී සිටින්නේ රූපවාහිනිය නරඹන අතරතුර හෝ හෝ ජංගම දුරකතනය භාවිතා කරන අතර හෝ වෙනත් මොනයම් හෝ කාර්යයක් කරමින් සිටින අතරතුරදියි.මෙහිදී ඔබ ගන්නා ආහාර පිළිබඳව ඔබට තිබෙන අවධානය ගිලිහී යන අතර ඔබ කොපමණ ප්‍රමාණයක් ආහාර ගන්නවාදැයි ඔබට අදහසක් නැති වෙනවා. එයින් ඔබ අධික ලෙස ආහාර ගැනීමට ඉඩ තිබෙන බැවින් එයින් ඔබගේ ශරීරයේ බාර ඉතා ඉක්මනින් වැඩි වීම වළක්වා ගන්න ඔබට නොහැකි වෙනවා .

මෙය ඔබ සමහරවිට නොහිතන කාරණාවක් විය හැකියි . ඔබට සුව නින්දක් නොලැබෙන විට ඔබ මානසික ආතතියට ලක් වීමට ඉඩ කඩ වැඩියි . හරිහැටි නින්ද නොයාම ,ආහාර රුචිය පාලනය කරන ලෙප්ටින් සහ ග්‍රෙලින් නැමැති හෝමෝන වලට බාධා ඇතිකරනු ලබනවා. එමගින් ඔබට අධික ලෙස ආහාර ගැනීමට රුචියක් වර්ධනය වන අතර ඔබෙ කුසගින්නද වැඩි කරනු ලබනවා.
ඒ වගේම මානසික ආතතිය මානව වර්ගයේ දියවැඩියාව සහ අධික තරබාරුකම ඇතුලු අහිතකර බලපෑම් රැසක් ඔබට ඇති කරනවා.

සීනි පරිභෝජනය වැඩිවීම බොහෝ රෝග වලට මුල වීම සහ අර වැඩි වීමේ අවදානම ඇති කරනවා.එම නිසා සීනි භාවිතය අඩු කිරීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට ලබා ගත හැකි වනවා . සීනි සහිත පාන වර්ග වෙනුවට ජලය හෝ හරිත තේ පානය කිරීමට හුරු වනවා නම් ඔබට ඉතා හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්.

ඉතින් මෙන්න මෙවැනි සුළු පියවරවල් අනුගමනය කිරීම මගින් ඔබට ඔබේ ශරීරයේ අනවශ්‍ය ලෙස බර වැඩිවීම පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් ඔබ මෙහිදී විශේෂයෙන්ම සිහි තබා ගන්නට ඕනෑ කාරණාවක් තිබෙනවා . ඔබ සම්පූර්ණයෙන් ව්‍යායාම නොකර සිටීම ශරීරයට එතරම් සුදුසු වන්නේ නැති නිසා දින දෙකකට වරක් වත් ඇවිදීම දිවීම වැනි ක්‍රියාකාරකමක හෝ යෙදීමට අමතක කරන්නට එපා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here