ශරීරයෙ හැඩය ගැන හිතලා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය වගෙ දේවල් ඔබ කරනවා ඇති.හැබැයි ව්‍යායාම කරනකොට අපි අනුගමනය කරන්න ඕන කරුණු කාරණා කීපයක්ම තියනවා.අද අපි කතා කරන්නෙ ඒ ගැන
ශරීරයේ බර අඩු කරගන්න ව්‍යායාම කරනකොට අපි යම් කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.එතකොට තමයි ඒ ව්‍යායාම වල නිසි ප්‍රතිඵල අපිට ලබාගන්න පුලුවන් වෙන්නේ.මේ ලිපිය කියවන ඔබ අතින් මෙන්න මේ වැරදි වෙනවා නම් අදම ඒවා නතර කරගන්නත් ඔබ වග බලාගන්න ඕන
ආහාර ගැනීමෙන් පැය දෙකක් වත් පසුවුනාට පස්සේ ව්‍යායාම කරන්න ආරම්භ කරන්න.ආහාර ජීර්ණය වන වෙලාවට ඒ වෙනුවෙන් රුධිර සැපයුම යොමුවෙලා තියන නිසා ශරීරයේ අනෙක් කොටස් වලට රුධිර සැපයුම අඩුයි.මේ නිසා ඔබේ මස් පිඬු වලට ආභාධ ඇතිවීම හෝ කෙන්ඩා පෙරළීම වගේ දේවල් වෙන්න පුලුවන්
ඔබ ව්‍යායාම කිරීම ආරම්භ කරන්න කලින් අනිවාර්යයෙන්ම ශරීරය උණුසුම් කරන ව්‍යායාම වලත් නිරත වෙන්න.ශරීර උශ්ණත්වය ඉහල නංවා ගැනීම සහ මාංශ පේශීන් වලට රුධිරය ගලා යාමට සැලැස්වීම සඳහා මෙය ඉතා වැදගත් වෙනවා.ඒ මඟින් මාංශ පේශීන් ලිහිල් කිරීම සහ ඒවාට වැඩි චලනයක් ලබා දීමත් සිදු වෙනවා.ඒ සඳහා විනාඩි දහයක් පමණ අත් පා චලනය කිරීම් ,එක තැන දිවීම වැනි සරල ව්‍යායාම ක්‍රම අනුගමනය කරන්න ඔබට පුලුවන්
ඔබ ව්‍යායාම කරන සෑම අවස්තාවකම නිවැරදි ඉරියව් අනුගමනය කරන්න සැලකිලිමත් වෙන්න ඕන.වැරදි ඉරියව් හෝ අනවශ්‍ය චලන මගින් ඔබේ මාංශ පේශීන් වලට හානි සිදුවීම හෝ ඒවා තදවීම සිදුවිය හැකියි
ව්‍යායාම කිරීමේදි ඔබ හුස්ම ගැනීම ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන.හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබේ ශරීරයට ඔක්සිජන් සැපයීම අඩාල වෙනවා.එමගින් ඔබ සිහිසුන් වීමට පවා බොහෝ ඉඩකඩ තියෙනවා.ඒ නිසා ආශ්වාස සහ ප්‍රාශ්වාස ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මතක තියාගන්න
ඔබ ව්‍යායාම කිරීම ආරම්භ කර දින කීපයක් නම් මුලින්ම ඔබට කල හැකි මට්ටමේ සුලු ව්‍යායාම වල යෙදෙන්න.එකවර සියලු ක්‍රම අත් හදා බැලීමට යාමෙන් ඔබේ මාංශ පේශින් වලට හානි සිදුවී ඔබේ සම්පූර්ණ ව්‍යායාම ක්‍රියාවලියම අඩපණ වීමට ඉඩ තිබෙනවා.ඒ නිසා ක්‍රම ක්‍රමයෙන් ව්‍යායාම වැඩි කරනවා මිසක එකවර සියලු ක්‍රම අත් හදා බලන්න යන්න එපා
ඔබ කැමති ,එකම ව්‍යායාම ක්‍රම වල දිගින් දිගටම නිරත වෙන්න එපා.එමගින් ඒ ව්‍යායාමය අදාල ශරීර කොටසට හානි සිදුවෙන්න පුලුවන්.ශරීරයේ සෑම පේශී පද්ධතියකටම ව්‍යායාම අවශ්‍ය නිසා ඒ ඒ පද්ධති වලට සමානව ඉලක්ක කර ව්‍යායාම වල නිරත වෙන්න
ඔබේ ශරීරය විජලනය වීම වැලැක්වීමට , ශරීරය සිසිල් වීමට සහ රුධිර සංසරණය හොඳින් සිදුවීමට ඔබ ව්‍යායාම කරන අතරතුර වතුර පානය කිරීම ඉතා වැදගත් වෙනවා.ඒ නිසා විනාඩි පහලවකට වරක් වත් වතුර පානය කරන්න ඔබ මතක තබාගන්න
හෘද ව්‍යායාම සිදු කිරීම ඔබේ හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කිරීමට උපකාරි වෙනවා.හැබැයි මේ ව්‍යායාම ඕනවට වඩා කරන්න ගියොත් ඔබේ හෘදවාහිනී පද්ධතියට හානි වෙන්න පුලුවන් . ඒ නිසා හෘද ව්‍යායාම ,එහෙමත් නැත්තම් කාඩියෝ කරන වේලාව සීමා සහිත කරන්න ඔබ අනිවාර්යයෙන්ම වග බලාගන්න ඕන
ව්‍යායාම කිරීමේදි ඔබේ ශරීරයේ රුධිර පීඩනය ,උශ්ණත්වය සහ හෘද ස්පන්දනයේ වේගය ඉහල යනවා.ඉතින් මේවා සාමාන්‍ය මට්ටමට ගේන්න නම් ඔබ ව්‍යායාම කිරීම අවසන් කලාට පස්සේ ලිහිල් කිරීමේ සුලු ව්‍යායාම කිරීමත් වැදගත්.ඒ මගින් ඔබට ඊලඟ දවසේ ඇතිවෙන්න පුලුවන් මාංශ පේශීන් වල වේදනාවෙන් ගැලවෙන්නත් පුලුවන්
මේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබට නීරෝගි ශරීර සෞඛ්‍යයක් පවත්වා ගන්න ගමන් ශරීරයේ හැඩය ලස්සනට තියාගන්නත් පුලුවන් .අපි නොහිතන විදියට අපි අතින් සිදුවන වැරදි නිසා අපේ ව්‍යායාම ප්‍රතිඵල රහිත වෙන්න පුලුවන් .ඒ නිසා මේ දේවල් ගැනත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා
Saru FM Media