Tuesday, May 20, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ව්‍යාජ ඉෂාරා සෙව්වන්දි හිටපු හමුදා මේජර්වරයකු සමඟ හෝටලයකදී අත්අඩංගුවට

ව්‍යාජ ඉෂාරා සෙව්වන්දි හිටපු හමුදා මේජර්වරයකු සමඟ හෝටලයකදී අත්අඩංගුවට

0
20


Fake Ishaara Sewwandi arrested at a hotel with a former army major

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී ඇගේ රූපයට සමාන කාන්තාවක් සහ හිටපු හමුදා මේජර්වරයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (31) දින සිදු කරන ලද මෙම වැටලීම, වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක සිදු කර ඇත. බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු අනුව ඉෂාරා සෙව්වන්දි එම හෝටලයේ නවාතැන් ගෙන සිටින බවට වාර්තා වී තිබිණි.

වැටලීම සිදු කරන ලද්දේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසිනි. මෙහිදී පොලිස් නිල සුනඛ අංශයේ සහාය ද ලබා ගෙන තිබිණි.
කෙසේ වෙතත්, වැටලීමේදී හමු වූයේ ඉෂාරා සෙව්වන්දි නොව, ඇගේ රූපයට බෙහෙවින් සමාන වූ කාන්තාවක් සහ හිටපු හමුදා මේජර්වරයෙකු බව පොලිසිය පවසයි. මෙම දෙදෙනා සතුව රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුත් අයිස්, කුෂ් හා කේරල ගංජා තොගයක් මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කුරුණෑගල, උඩවල පාරේ පදිංචි 53 හැවිරිදි හිටපු හමුදා මේජර්වරයා සහ 33 හැවිරිදි කාන්තාව යන දෙදෙනා සිටිති. පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම දෙදෙනා අනියම් සබඳතාවයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බවයි.

විශේෂයෙන්ම, අත්අඩංගුවට ගත් හිටපු මේජර්වරයා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙර ද කිහිප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් හෙළි කර තිබේ.
සැකකරුවන් දෙදෙනා මෙම හෝටලයට පැමිණ දින හතරක පමණ කාලයක් ගත වී ඇති බවත්, ඔවුන් සතුව අයිස්, කුෂ් හා කේරල ගංජා වැනි මත්ද්‍රව්‍ය හැරුණු කොට සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්, රන් ආභරණ, ජංගම දුරකථන තොගයක්, පවර් බැංක් පහක්, විවිධ යතුරු කිහිපයක්, ගට්ටේප්, ගම්බෝතල් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here