මත් කුඩුජාවාරමේ නිරතවූවන් සහ ඊට ලොල්වූවන් වහාම ඉන් ඉවත් විය යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
රටම වසා ගෙන ඇති මෙම මායාකාරී ව්‍යසනයේ අවසන් හෝරාවට දැන් පැමිණ ඇකි බවත් එය මුලිනුපුටා දැමීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාක්මක කරන බව හෙතෙම සඳහන් කළේය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ,රටම එකට – ජාතික මෙහෙයුම, අද (30දා) පෙරවරුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කරමින් ජනාධිපති මේ බව කියා සිටියේය.
මෙම ජාතික වැඩසටහන සඳහා විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
Saru FM Media
 
            
