“වසර 76ක් විනාශයේ පතුලමට ඇද දමා මාස හයෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා”: මැයි රැළියේදී ජනපති අනුර කළ සම්පූර්ණ කතාව

0
4


රෂිකා හෙන්නායක

වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අද රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක් බවත්, එහිදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයද පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට ආණ්ඩුවත් සමඟ එක් වන ලෙස සියලු  වෘත්තිය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බවද පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අමතමිනි.

“රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාව යටතේ පැවති මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජනබලවේගය පමණක් බවත් මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජනබලවේගය අත බවත් සියලුදෙනා අවබෝධ කර ගත යුතු බවයිමැයි දින රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

” අපි දීර්ඝ කාලයක් මැයි දිනය සමරා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අපේ අපේක්ෂාව බවට පත් වුණේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීමයි. අද අප පළමු වතාවට බලය අත්පත් කර ගෙන මේ රට ගොඩනැඟීම සඳහා ජනතාව පෙළ ගස්වන මහා රැලිය පවත්වනවා.

අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජනබලවේගය පමණයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව අපි සියලුදෙනා තේරුම් ගත යුතුයි. අන් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවෙයි. ඒවා සුන්බුන් ගොඩක්. එහෙත් තැනින් තැන හඬවල් ඇසෙනවා. දීර්ඝ කාලයක් ඔවුන් විසින් බලය හොබවනු ලැබුවා. එතැනින් නොනැවති තම පරම්පරාව වෙනුවෙන් බල සිතියම එළා තිබුණා. ඔවුන්ගේ පරම්පරා අතේ බලය රඳවා ගනිමින් පොදු ජනයා පීඩාවට අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යාමට හැකි වනු ඇතැ’යි ඔවුන් සිතුවා. එහෙත් පසුගිය සැප්තැම්බර් 21 වන දා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගනු ලැබුවා. පරම්පරා ගණනාවක් ඉදිරියට එළා තිබූ බල සිතියම මුළුමනින්ම හකුළා පොදු ජනතාව අතට බලය මාරු කිරීමට මේ ජනතාව  සමත් වුණා. එම බලය අහිමි වීමේ සහ අපේක්ෂාභංගත්වයේ අඳෝනාව අද අපට අහන්න ලැබෙනවා.

ඒ වගේම තමන් බලය හොබ වන විට මහජනතාවගේ ධනය නාස්ති කරමින් අතිවරප්‍රසාද සහිත ජීවිතයක් ගත කළා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගත කළා. පොදු ජනයාට ඉහළින් මහා බල පරාක්‍රමයක් යොදා ගෙන බලය හෙබ වූවා. එහෙත් අද පොදු නීතියට යටත් වී තිබෙන අතර වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නිතිය සමානව ක්‍රියාත්මක වී තිබෙනවා. එබැවින් ඔවුන්ට දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා වේදනාවේ අඳෝනාව ඇති වී තිබෙනවා.

තවත් පැත්තකින් වංචා සහ දූෂණ සිදු කළ ප්‍රමාණය ඔවුන් අපට වඩා හොඳින් දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා අපි කවුද කියලා. ඔවුන් ඔවුන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්නා තරමට අපිව හඳුනනවා. ඒ නිසා භීතියේ අඳෝනාව තිබෙනවා. ඒ නිසා අද දේශපාලනයේ අනෙක් පස තිබෙන්නේ අපේක්ෂාභංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමී වීමේ අඳෝනාව සහ භීතියේ තැති ගැන්මයි. ඒ නිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. දෘෂ්ටිවාදයක් සහ සංවිධාන ශක්තියක් නැහැ. කරන්නේ කුමක්ද කියා නොදැන එහෙ මෙහෙ විසිරුණු කොටස්වල එකතුවක් පමණයි තිබෙන්නේ.

ඒ නිසා තවදුරටත් අපෙන් එළියේ අපට අභියෝගයක් නැහැ. අපෙන් එළියේ තිබෙන්නේ සුන්බුන් ගොඩක එකතුවක් මිස අභියෝගයක් නොවෙයි. එසේ නම් අභියෝගය තිබෙන්නේ අපට අප තුළමයි. එම අභියෝගය මතින් පියමං කිරීම සඳහා අපි අප තුළම තිබෙන ප්‍රතිවිරෝධතා, නොගැළපීම් සහ අලුත් තත්ත්වයන්ට අනුව අනුරූපි වීමට අසමත් වීම් පිළිබඳ තත්ත්වයන් අවබෝධ කර ගත යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here