වසර 35කට පසු යාපනයේ මාර්ගයක් මහජනතාවට විවෘත වෙයි!

0
16


කොළඹ LNW:වසර 35 ක් තිස්සේ වසා දමා තිබූ යාපනයේ මාර්ගයක් මහජනතාවට විවෘත කර තිබේ.

යාපනයේ වාසවිලාන් සිට පොන්නාලෙයි මාර්ගය දක්වා දිවෙන කිලෝ මීටර් 2.5 කින් යුතු එම මාර්ගය වසර තිස් පහකට පසුව මහජනතාව වෙනුවෙන් විවෘත කර ඇති අතර ඒ කොන්දේසි කිහිපයක් මතය.

එම කොන්දේසි අනුව, බස් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ යතු-රු පැදි පමණක් මෙම මාර්ගයේ ධාවනය කළ හැකි අතර මාර්ගය විවෘත වන්නේ උදෑසන පහේ සිට සවස හය දක්වා පමණි. තවද වාහන ධාවනය කළ යුත්තේ පැයට කිලෝ මීටර් 40 ක වේගයකිනි.

මාර්ගය දෙපස වාහන නවතා තැබීමද තහනම් කර ඇත.

එලෙස කොන්දේසි පනවා ඇත්තේ පලාලි යුද හමුදා කදවුරට අයත් අධි ආරක්ෂිත කලාපයක මෙම මාර්ගය පිහිටා තිබීමය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here