වසර 24කට පසු යුද හමුදා කපිතාන් සහ රියදුරුට යුක්තිය

0
1

2001 වසරේ වැල්ලවත්තේ පිහිටි ස්වර්ණාභරණ හලකට කඩා වැදී රම්බෝ පිහියක් හා ගිනි අවියක් පෙන්වා රුපියල් 20,000ක් වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා වසර විසි හතරකට පසුව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විනිසුරුවරිය නියම කළාය.

දීර්ඝ විභාගයකින් අනතුර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම තීන්දුව ලබාදුන් අතර හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු වන උදයශාන්ත කොඩිතුවක්කු දිසානායක සහ ඔහුගේ පුද්ගලික රියැදුරු වන ඉලංග ශිරාන් යන අය මෙලෙස නිදහස් කිරීමට නියම කෙරුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here