පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 3කට තරග කිරීම සඳහා පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ලබන 2026 ජනවාරි මස 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරග 3 ජනවාරි 07, 09 සහ 11 යන තෙදින දී පැවැත්වෙනු ඇත. තරගාවලිය නිමා කරමින් පකිස්තානු කණ්ඩායම ජනවාරි මස 12 වැනිදා යළි සිය රට බලා පිටත්ව යනු ඇත.
ඒ අනුව පකිස්තානු කණ්ඩායම විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අවුරුදු 11කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි. අවසන් වතාවට විස්සයි-20 ජාත්‍යන්තර තරගවාලියකට සහභාගිවීම සඳහා පකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2015 වසරේ දී වන අතරම තරග 2 කින් සමන්විත එම තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සංචාරකයන් සමත්ව ඇත.
දෙරට අතර විස්සයි-20 ජාත්‍යන්තර තරග ඉතිහාසය 2009 වසර දක්වා ඈතට විසිර තිබෙන නමුත් එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේදී විස්සයි-20 තරගාවලි 3ක් පවත්වා ඇතත් ඉන් එක් වතාවකදී හෝ සිය මව්බිමේදී පකිස්තානු පිල පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල අසමත්ව තිබේ.
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media







