එංගලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාජය කර අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (22) සමත් විය.
පර්ත්හිදී ඊයේ (21) ආරම්භ වූ මෙම තරගය දෙදිනක් තුළ අවසන්වීම සුවිශේෂීය.
ඒ අනුව ලෝක ක්‍රිකට් පිටියේ ගෞරවාන්විතම ටෙස්ට් තරගාවලිය ලෙසින් සැලකෙන මෙම තරගාවලිය මෙලෙස දින 2ක් තුළ අවසන් වූයේ වසර 104කට පසුවය.
අවසන්වරට මෙවන්නක් සිදුවූයේ 1921 වසරේදීය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 172/10ක් රැස්කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස්කළේ ලකුණු 134/10ක් පමණි.
කෙසේ නමුත් 50ක වාසියක් සමගින් දෙවන ඉනිම ඇරඹූ එංගලන්තයට එවර රැස්කිරීමට හැකිවූයේ ලකුණු 164/10කි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට දෙවන ඉනිමේ දී ලකුණු 205ක ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 2ක් පමණක් දැවී පසුකිරීමට ඔවුන්ට හැකිවිය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිතර වූ ට්‍රැවිස් හෙඩ් ලකුණු 123ක් රැස්කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම් දෙකේදීම කඩුලු 10ක් (7/58, 3/55) බිඳහෙළු මිචෙල් ස්ටාර්ක් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.
මෙම ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.
Saru FM Media







