තරග විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුළත් වන වැඩිම පිරිස 2018 වර්ෂයෙන් පසු බඳවා ගැනීම වෙනුවෙන් 2000කට ආසන්න පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (29) සිදු කෙරුණි.
රාජ්‍ය සේවයට ඇතුළත් වන විශාලම කණ්ඩායමක් ලෙස කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ පත්වීම්ලාභින්ට නිල වශයෙන් පත්වීම් ලිපි මෙහිදී ප්‍රධානය කෙරිණ.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ දේශපාලන මැදිහත්වීම්වලින් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීමට මේ වන විට හැකි වී ඇති බවය.
එමෙන්ම රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා තිස් දහසක් බඳවා ගැනීමට අයවැයෙන් යෝජනා ඉදිරිපත් වූ අතර මේ වන විට එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද අග්‍රාමාතවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චන්දන අබේරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.
Saru FM Media