වසර තුනකට පසු යුක්‍රේන රුසියානු නිලධාරීන් අතර හමුවක්

0
3


වසර තුනකට පසු රුසියානු සහ යුක්‍රේන බලධාරීන් ඍජු සාම සාකච්ඡා සඳහා තුර්කියේදී පළමුවරට හමුවී තිබෙනවා. 

දෙපාර්ශවයේ නියෝජිතයින් එම සාකච්ඡාවලට එක්වන ආකාරය තුර්කියේ රූපවාහිනී මගින් වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

එම සාම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු වන තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයාද එම සාකච්ඡාවලට එක්ව තිබෙනවා. 

2022 වසරේ මාර්තු මාසයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙරටේ නියෝජිතයින් මේ දක්වා ඍජු සාකච්ඡාවකට එක්ව නැහැ. 

එම සාකච්ඡා වටය පැය දෙකකට අඩු කාලයක් පවත්වා ඇති අතර එහිදී සාකච්ඡා වූ කරුණු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here