ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකට අධික කාලයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අතර අද (02) ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව නීති උපදෙස් ලැබෙන තුරු පිල්ලයාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කරනු ලැබීය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ උදය ගම්මන්පිලය.

The post වසරකට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන් රිමාන්ඩ්! appeared first on LNW Sinhala.
Saru News
















