වසන්ත කරන්නාගොඩ සම්බන්ධ අභියාචනා පෙත්සමක් සලකා බැලීම කල්යයි

0
12


2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු දෙදෙනෙකු අද ඉවත් වුණා.

ඒ, එම පෙත්සම ඒ එච් එම් ඩී නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දුන්නා.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණා.

මෙම සිද්ධියෙන් අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.      



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here