වසත් සරණි හරසර උළෙල දා

0
8

ප්‍රවීණ ගුවන්විදුලි හා රූපවාහිනි නිවේදකයකු මෙන්ම ප්‍රසංග වේදිකාව තුළින් හඬ පෞරුෂය අවදි කළ වසන්ත රෝහණ මහතාගේ 35 වසරක සේවා කාලය නිමාකරමින් ඉසිඹුලන මොහොතේ පසුගිය 16 දින ඔහු සේවය කළ ගුවන් විදුලි සංස්ථාවෙහිම ඇගයීමකට ලක්විය.

ඒ වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී ඔහු වෙනුවෙන් ‘වසත් සරණි හරසර’ 2025 නමින් උපහාර උළෙලක් ද පැවැත්විණි.

එහිදී වසන්ත රෝහණයන්ගේ උපන්දිනය ද පැමිණ සිටි කලාකරුවන් විසින් සමරන ලදී. දශක තුනකට අධික කාලයක් වන තම වෘත්තීය ජීවිතයෙන් සමුගත්තද ඒ කාල වකවානුව තුළදී රචනා කරන ලද ගීත සියයකට අධික සංඛ්‍යාවක් ඇති නමුත් ජනප්‍රිය ගීත 16ක් සහිත මෘදුකාංගයක් (Pen drive) පැමිණ සිටි පිරිසට පිරිනැමීම සිදුවිය.

ටී. එම්. ජයරත්න, කසුන් කල්හාර, අමරසිරි පීරිස්, ජානක වික්‍රමසිංහ, සුනීර සුමංග, සුබාෂිනී සුබසේන යන ශිල්පීහූ විසින් වසන්ත රෝහණයන් රචිත ගීත කිහිපයක් ගායනා කරන ලදහ. මෙහිදී ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂතුමිය ඇතුළු නිලධාරීන්, හිටපු සභාපතිවරුන්, නීතිඥ කුමා ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම කලාකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූප – සුජාතා ජයරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here