වලාන දූෂණ මර්දන ඒකකය හිටපු ඇමති රොෂාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

0
10


සටහන – රුවන් නෙළුගොල්ල

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ බිරිඳ වන දිනූෂා රණසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (අප්‍රේල් 05) දිනයේදී ඇයගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඒ, නීතිවිරෝධීව එකළස් කරන ලද ලොරි රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පසුගියදා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී එම ලොරි රථය දිනූෂා රණසිංහ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන සමාගමකින් මිලදී ගත් එකක් බව අනාවරණය වීම හේතුවෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here