1950 හෝ 1960 ගණන් වලදී හිපි සංචාරකයින් අතර මුල් වරට මතු වූ බොහීමියානු ඇඳුම් විලාසිතා, මේ වන විට විලාසිතා ලෝකයේ සැලකිය යුතු ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. ඔවුන් තමන් සංචාරය කරන එක් එක් ප්‍රදේශවලට අනන්‍ය වූ දේවල් මේ විලාසිතා සඳහා යොදාගෙන තිබෙනවා. එකිනෙකට වෙනස් සහ සම්මත ක්‍රමානුකූල මෝස්තර රටාවලින් ඔබ්බට ගොස් එකිනෙකට වෙනස් මෝස්තර රටා සහ වර්ණ මෙහිදී යොදා ගන්නවා. ඒ කෙසේ නමුත් මේ තද නීති රීති සහිත විලාසිතා ක්‍රමයක් නොවේ. බොහීමියානු ජීවන විලාසය මෙන් ම සරල නමුත් විවිධත්වයෙන් යුතු ඉතා විචිත්‍රවත් විලාසිතාවක්. විලාසිතාකරණයේදි නිදහස්කාමී වීම මෙහි සුවිශේෂීතාවයි.
ඇඳුම්වලින් මෙන්ම බොහීමියානු මෝස්තරයේ විවිධ ආභරණද හඳුනාගත හැකි ය.
මැක්සි ගවුම් පමණක් ඔබට මේ විලාසිතාවට විකල්ප අවස්ථා රාශියක් ගෙන දෙයි. එම්බ්‍රොයිඩර් කරන ලද මල් ඉති, කුඩා මල් වැටුණු රෙද්දෙන් මසන ලද මැක්සි, කුඩා මෝස්තර වැටුණ රෙද්දෙන් මසන ලද මැක්සි මේ සඳහා යොදා ගත හැකියි. මේවා සමග බොහෝ විට සම් වලින් නිපදවන ලද බූට් සපත්තු සහ පැලඳීමෙන් වැඩි අලංකාරයක් ලබා ගත හැක.
කපු හෝ ලිනන් වැනි රෙද්දකින් නිර්මාණය කරන ලද Kaftan බොහීමියානු විලාසිතාවල තවත් එක් අංගයක්. ස්වභාවික වර්ණවලින් නිර්මාණය කරන ලද විශාල මාල වැනි ආභරණයක් මේ සමඟ පැළඳීමෙන් වඩා අලංකාර විලාසිතාවක් නිර්මාණය කර ගත හැකියි.
බොහීමියානු විලාසිතා ගැන කතා කරන විට අමතක ම නොකළ හැකි විලාසිතාවක් තමයි මේ. මෙය කාන්තා පිරිමි භේදයකින් තොරව අඳින ඇඳුමක්. විවිධ මෝස්තර සහිත රෙදි වලින් නිර්මාණය කළ හැකියි. හිසේ කුඩා ස්කාෆ් එකක් ගැට ගැසා harem කලිසමක් ඇන්ද විට හරි ම සුන්දර පෙනුමක් ගෙන එනවා.
වෙනස් මෝස්තර සහිත රෙද්දක කොටසක් ඇල්ලූ ඩෙනිම් ජැකට් විලාසිතාත් බොහීමියානු විලාසිතා අතර ප්‍රමුඛයි. පැච්‍වර්ක් සහිත රෙදි කොටස්, එම්බ්‍රොයිඩර් රෙදි කොටස් පවා මේ සඳහා යොදාගන්නට පුලුවන්.
ඔබ බොහීමියානු විලාසිතා අනුගමනය කරනවා නම් ඔබට බූට් සපත්තු දෙකක්, ග්ලැඩියේටර් සපත්තු දෙකක් තිබීම සුදුසුයි. මේවාත් විවිධ වර්ණ සිප්පි කටු, පොම් පොම් බෝල ආදියෙන් හැඩ ගන්වා තිබෙනවා.
බොහීමියානු විලාසිතා වල ආභරණ වලට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. මේ ආභරණ ද ඇඳුම් සේ ම වර්ණවත් සහ නොයෙක් මෝස්තර වලින් යුක්ත වෙනවා. මාල, පාද ආභරණ, කරාඹු , මුදු ආදිය ඔබට පළදන්නට පුලුවන්. එකිනෙකට වෙනස් තේමාවන්වල ආභරණ රාශියක් එකවර පැළඳීමට ඔබට හැකියාව ලැබීම මෙහි සුවිශේෂීතාවක්.
බොහීමියානු විලාසිතා විශාල පරාසයක පැතිරුණු අංගයක්. අපි මේ ගෙන ආවෙ ඉන් මූලික ම කොටස් කිහිපයක් පමණයි. ඔබේ විලාසිතා එකතුවට මේවායින් අදහසක් ගෙන ඔබට ම අනන්‍ය වූ විලාසිතා එකතුවක් නිර්මාණය කරගන්නට දැන් ඔබට හැකියි.
Saru FM Media