වර්ජන කරන්න යුද්ධය බාධා­වක් නෑ

0
2

තම ඉල්ලී­ම්ව­ලට විස­ඳුම් ලබා ගැනී­මට මේ අව­ස්ථාවේ මැද­පෙ­ර­දිග පව­තින යුද­මය තත්ත්වය බාධා­වක් නොවන බව සෞඛ්‍ය වෘත්තී­ය­වේ­දින්ගේ සංග­මයේ සභා­පති රවී කුමු­දේශ් මහතා පවසයි.

අපි සන්ධා­න­යක් හැදුවේ ආණ්ඩු­වට විරු­ද්ධව නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පව­තින අවශ්‍ය ගැට­ලු­ව­ලට කඩි­නම් විස­ඳුම් ලබා ගැනී­මට බව ද හෙතෙම පැව­සු­වේය.

ඒ නිසා සිය ඉල්ලීම් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­මට සාධ­නීය ප්‍රති­චාර දැක්වී­මට රජය අපො­හො­සත් වුව­හොත් දැඩි වෘත්තීය ක්‍රියා­මා­ර්ග­ව­ලට අව­තී­රණ වීමට සිදු වනු ඇතැ­යිද හෙතෙම කීවේය.

ඇමැ­ති­ව­රයා වරක් මහින්ද යුද්ධ කළේ අපෙන් අහ­ලා­දැයි ඇසූ පරි­දිම අපට අස­න්නට ඇත්තේද මැද­පෙ­ර­දිග යුද්ධ කළේ අපෙන් අහ­ලා­දැයි කියලා තමා යැයි ද කීවේය. රෝගී ජීවිත අන­තුරේ හෙළී­මට තම සන්ධා­න­යට අව­ශ්‍ය­තා­වක් නැති බවත් රජය හෝ සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා මේ ගැටලු සම්බ­න්ධ­යෙන් මැදි­හත් වීමක් සිදු කරන්නේ නම් වෘත්තීය ක්‍රියා­මාර්ග ගැනීමේ අව­ශ්‍ය­තා­වක් නැතැ­යිද හෙතෙම වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here