වයසට යාමේදී මනසට සිදුවනදේ ගැන දැනගනිමු

0
9


වයසට යාමේදී ඇති වන රෝග ලක්ෂණ තරුණ කාලයට වඩා වෙනස් අතර අමතක වීමෙන් මොළේ උසස් ක‍්‍රියාකාරීත්වය ගිලිහී යාම ද මෙම නිසා සිදුවේ.වයසට යාමේදී සෑදෙන රෝගී තත්ත්වයන් තරමක් වෙනස්ය. විශේෂයෙන්ම වයසට යාමේදී ස්වභාවිකවම සිදුවන මොළේ මියයාමේ රෝගයට ගොදුරු වන්නන්ට බහුලව මානසික රෝග ඇති විය හැකිය. ඩිමෙන්ෂියාව එලෙස ඇතිවන ප‍්‍රධාන මානසික රෝගී තත්ත්වයකි. වයස අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් වැඩිපුර දක්නට ලැබෙන මෙම රෝගයේදී පුද්ගලයාගේ හැසිරීම් රටාව වෙනස් වීම මූලික වශයෙන් සිදුවේ.

රෝගී ලක්ෂණ දෙස බැලීමේදී මොවුනට කෙටි කාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දැක ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙසට උදෑසන ආහාරයට ගත්තේ කුමක්ද යන්න මතකයේ නැතත්, අතීතයේ රට පාලනය කළ දේශපාලනඥයන් ආගිය තැන් ආදී මතකයන් ඔවුන් සතුය. මොළේ මිය යෑම ටිකෙන් ටික සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසට ඇන්සයිමර් රෝගයට ගොදුරුවෙන අතර දිගු කාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම ද මොළේ මිය යෑම ඇති වීමට බලපෑ හැකි කරුණක් බව මේ වනවිට හඳුනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මානසික ව්‍යාකූලතාවෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ. ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවකින් පසුවේ. මෙනිසා වයසටයාමේදී ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයද සමබරව පවත්වාගෙන යාමට උත්සුකවිය යුතුයි.

අන්තර්ජාලය ඇසුරෙනි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here