වයසට නොයන්න නම් මෙන්න මේ විදියට ඉන්න

0
12


වයසට යනවට කවුද කැමති .ඉතින් හැමදාම තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න කැමති
අය දැන්ම කියවන්න .

වුවමනාවට වඩා රුපවාහිනී නැරඹීම සමට කිසි සේත්ම හොඳ දෙයක් නෙවෙයි. දිගු වේලාවක් එකම ඉරියව්වක සිටින නිසා සිරුරටත් විශේෂයෙන් හානි කරයි. ඒ වගේම රුපවාහිනිය නරඹමින් නිතර විවිධ කෙටි කෑම බීම ආහාරයට ගැනීමත් අන්තිම නරකයි. සාමාන්‍යයෙන් නිරෝගී පුගලයකු සතියකට විනාඩි 150 ක් වත් ව්‍යායාම් කළ යුතු අතර එයිනුත් විනාඩි 20 හෝ 30 ක් වේගයෙන් කරන ව්‍යායාම් කළ යුතු වනවා. මේ ව්‍යායාම් අස්ථි ශක්තිමත් කරන අතර දියවැඩියාව සහ හර්ද රෝග වලින් අපව ආරක්ෂා කරනවා. ඉතින් රූපවාහිනියට ඇබ්බැහි වෙන අයට මේ සියල්ලටම කාලය සොයා ගැනීමත් ලොකු ගැටළුවක්.

කෝපී වැනි කැෆේන් අධික පාන වර්ග නිසා සම වියලෙනවා. සම වියලීම නිකරුණේ වයස් ගත පෙනුමක් ඇති වීමට හේතුවක්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ දෛනික ජල අවශ්‍යතාව වීදුරු 6-8 අතර ප්‍රමාණයක්.  නමුත් කෝපි වලට ඇබ්බැහි වූ අයෙක් ඒ ප්‍රමාණයට වඩා ජලය පානය කළ යුතුයි.

තමන්ගේ ප්‍රශ්න වලට වඩා අනුන්ගේ ප්‍රශ්න ගැන දැන සිටීම සහ ඒවා ගැන වද වීම අපේ මානසික ආතතිය වැඩි කරනවා වගේම මුහුණේ රැළි වැඩි කිරීමට හේතුවක්  බව නුතන පර්යේෂණ ප්‍රකාශ කරනවා .ආතතිය පළමුව පෙනෙන ස්ථානය තමා මුහුණ. ඒ නිසා මුහුණු පොතේ අනවශ්‍ය කරදර ඔලුවට දා නොගෙන ඉන්න.

දීප්තිමත් සහ නිරෝගී සමක සිහිනය දකින කෙනෙක් ඈත් විය යුතුම දෙය තමා පැණිරස. සමේ ඇති ඉලාස්ටින් හා කොලජන් තන්තු වලට හානි කරන්නට පැණි රසට පුළුවනි.

හොඳ නින්දක් සහ තරුණ පෙනුම අතර ලොකු බැඳීමක් තියෙනවා.නිසි  නින්දක් නොලැබීමෙන් අකලට වයස් ගත පෙනුමක් ලැබෙනවා.  ඒ වගේම එය තරබාරුවටත් හේතුවක්.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here