වයඹ සරසවියේ මහාචාර්යවරියක් ඇතුළු තිදෙනෙකු රට රැකියා පෙන්වා කළ මූල්‍ය වංචාව (වීඩියෝ)

0
16


වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් ඇතුළු තවත් තිදෙනෙකු නවසීලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින්, පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා කරමින් අසාධාරණයට ලක් වූ පිරිසක් අද (16) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන ආචාර්ය තියන්ගි ජයතිලක, ගයා සංජීව කරුණාතිලක සහ ශිරානි ප්‍රියදර්ශනී ජයසිංහ යන අය මෙලෙස නවසීලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන විදේශගත නොකර ඔවුන් මග හරිමින් සිටින බව‍යි ජාවාරමට හසු වූ පිරිස් චෝදනා කරන්නේ.

මේ වන විට රුපියල් ලක්ෂ 890ක පමණ මුදලක් මොවුන් වංචා කර ඇති බව විදෙස්ගත වීමට නොහැකි වූ පිරිස් චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පිරිස් නීතියට හසුකරගෙන තම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

තියන්ගි නමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරිය වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් ලෙස පෙනී සිටිමින් ඡායාරූප පෙන්වා ජනතාව මුලා කරමින් මෙලෙස විදේශ රැකියා ජාවාරමේ යෙදෙන බව වාර්තා වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here