මහව සිට භාණ්ඩ සහ තෙල් දුම්රිය ධාවනයෙන් රියැදුරෝ ඉවත් වෙති
මහව සිට ත්‍රිකුණාමලයට, මඩකලපුවට සහ කන්කසන්තුරේට ධාවනය කරන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
ඊයේ (23දා) මාධ්‍යම රාත්‍රියේ සිට තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.
මීට අමතරව හෙට (25දා) රාත්‍රියේ ධාවනය වන තැපැල් දුම්රිය ධාවනයෙන්ද ඉවත් වීමට බලාපොරොත්තු වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය කියයි.
“මේ වන විට දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා. මහව සිට ත්‍රිකුණාමලයටත්, මහව සිට මඩකලපුවටත්, මහව සිට කන්කසන්තුරේටත් වනඅලි ගැටීම නිසා අලින්ට මෙන්ම දුම්රියටත් හානි වෙනවා. දුම්රිය රියැදුරන් ලෙස මේක අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් වෙලා. ක්ෂණිකව දුම්රිය නතර කරගැනීමේ හැකියාවක් නැති නිසා අපිට මේකට වගකීමක් දෙන්න බැහැ.
වන සතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මේ කලාප හරහා දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා. මේක ලොකු ගැටලුවක්. දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකියි.”
වසර ගණනාවක් තිස්සේ අපි රජයටත් දෙපාර්තමේන්තුවටත් මේක දැනුම් දුන්නා. මේකට රියැදුරන්ට වගකියන්න බැහැ. මේකට මොකක් හරි පාලනය කරලා දෙන්න කියා ඉල්ලීම් කළා. නමුත් මේ වෙනකම් කිසිම සාධනීය මට්ටමක දෙයක් සිදු වුණේ නෑ.”
ධර්මසේන වැලිපිටිය
Saru FM Media









