පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත.
කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත ඔහු පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ආසියානු කුසලාන නැගී එන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටී.
පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකාව නොවැම්බර් 20 වනදා සිම්බාබ්වේට එරෙහිව තුන්කොන් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි හිදී පැවැත්වීමට නියමිතය.
Saru FM Media









