වන්නිනායක අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම්ලු

0
1

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15දා) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here