සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක්වූ හංගේරියානු ජාතිකයෙකි.
අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සීගිරිය පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru News








